“මේ සුරංගනාවිට සල්ලි දීපල්ලා” - සුදු නංගි වෙනුවෙන් රන් පොලු‍ හිමි ආරුඪ වුණු හැටි අධිකරණයේදී එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

“මේ සුරංගනාවිට සල්ලි දීපල්ලා” - සුදු නංගි වෙනුවෙන් රන් පොලු‍ හිමි ආරුඪ වුණු හැටි අධිකරණයේදී එළියට

“මේ සුරංගනාවිට සල්ලි දීපල්ලා” - සුදු නංගි වෙනුවෙන් රන් පොලු‍ හිමි ආරුඪ වුණු හැටි අධිකරණයේදී එළියට

“අපේ සුදු නංගිට (තිලිණි ප්‍රියමාලිට) මුදල් දෙන්න, නැත්නම් ඔය මුල් නැතිවෙයි” යනුවෙන් පවසමින් බොරැල්ලේ සිරි සුමන හිමි ව්‍යාපාරිකයන් රවටා තිබෙන බව අධිකරණයේදී අනාවරණය විය.

 

දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට සහ ව්‍යාපාරික ස්ථානවලට සැකකාර හිමියන් ගොස් ආරූඪ වෙමින් “සුදු නංගිට මුදල් දෙන්න” යනුවෙන් ප්‍රකාශ කර ඇතැයිද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත දන්වා සිටියේය.


තිලිණි ප්‍රියමාලිට මුදල් ලබා දෙන්න ව්‍යාපාරිකයන් පොලඹවන ලද බොරැල්ලේ සිරි සුමන හිමියන්, රන් කුට්ටියක් තම විහාරස්ථානයේ තිබෙන බව ප්‍රකාශ කරමින් පුද්ගලයන් රවටා තිබේ.

 

 එම රන් කුට්ටිය මෙතෙක් සොයාගෙන නොමැති අතර සැකකාර හිමියන් ආරූඪ වෙමින් ව්‍යාපාරාකයන්ට පවසා ඇත්තේ ප්‍රියමාලිට මුදල් ලබා දෙන ලෙසයි. එසේ නොවුණහොත් මුදල් නැති වෙන්න පුළුවන් කියාත් සැකකාර හිමියන් ආරූඪයෙන්ම ප්‍රකාශ කර තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

 

මෙම සැකකාර හිමියන් තිලිණි ප්‍රියමාලිගේ ගනුදෙනුවලට අදාළ ඇමරිකන් ඩොලර් පවා ලබාගෙන තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

 

ඒ අනුව සැකාකර හිමිනම ලබන 30 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

views

240 Views

Comments

arrow-up