තරුණිය නාන අයුරු වීඩියෝ කල තරුණයාට උසාවිය දුන් තීන්දුව
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

තරුණිය නාන අයුරු වීඩියෝ කල තරුණයාට උසාවිය දුන් තීන්දුව

තරුණිය නාන අයුරු වීඩියෝ කල තරුණයාට උසාවිය දුන් තීන්දුව

ළිඳක දිය නාමින් සිටි තරුණියක් අනවසරයෙන් වීඩියෝ කරමින් සිටි යාපනය කෝපායි ප්‍රදේශයේ තරුණයකු දින දාහතරක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

 

මෙම තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ඇප ඉල්ලූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළ නමුත් ඇපයක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් එදින තරුණයා වෙනුවෙන් ඉදිරිපත් නොවීම නිසා ඔහුව රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබීය.

 

මෙම තරුණයා කෝපායි ප්‍රදේශයට නුදුරු ගමක අයකු වෙන අතර ඔහු මහමග යමින් සිටියදී තරුණියක් දිය නාමින් සිටිනු දැය ඇයව සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කොට තිබේ. සිද්ධිය දුටු
තරුණිය කෑ ගැසීමට පටන් ගැනීම නිසා ඇගේ ඥාතීන් පිරිසක් පැමිණ තරුණයාව අල්ලා කෝපායි පොලිසියට බාර දී ඇත.

 

කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

views

261 Views

Comments

arrow-up