“මව්කිරි වෙනුවට පිටිකිරි දීම දරුවාගේ කටේ සිගරට් එකක් තියනවා වගේ වැඩක්”

මවක් දරුවෙකුට මාස හයක් යනතුරු මව්කිරි ලබාදිය යුතුයි. දරුවෙකුට මව්කිරි වෙනුවට පිටි කිරි දෙනවා කියන්නේ හරියට දරුවාගේ කටේ සිගරට් එකක් තියනවා වගේ වැඩක්"
යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නව යොවුන් සහ යොවුන් සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය චමන්ති විජේවන්ත මහත්මිය පැවසුවාය.
මාතර බෝධි ආරක්ෂක සභාවේ 60 වන සංවත්සරයට සහභාගි වෙමින් එහිදී විශේෂ දේශනයක් කරමින් ඇය එසේ පැවසුවාය.
මෙහි මුලසුන මාතර මහා මන්තීන්ද පරිවේණාධිපති තිස්සමහාරාමයේ ඉන්දරතන හිමි ඉසිලූහ.
"දෙමාපියන් විසින් හැම දරුවෙකුටම සෞන්දර්ය විෂයක් ඉගෙනගන්න සලස්වන්න. දරුවෙක් සම්පූර්ණ වෙන්න නම් දරුවාගේ මොළේ දෙපැත්තම වර්ධනය වෙන්න ඉඩ හරින්න ඕන.
දරුවන්ට ඇපල් මිදි දිය යුතු නැහැ. ගමේ හැදෙන පලතුරු කෑමට දෙන්න. දෙමව්පියන්ට දරුවන්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග තමයි තමන්ගේ කාලය දවසට විනාඩි 15 ක් වත් දරුවා සමග ගත කිරීම. දරුවාගේ දවස ගෙවුණු හැටි දරුවා සමග කතා කරන්න."
255 Views
Comments