බිරිඳ ගිනි තබාගත්තැයි ආරංචියට පිහියෙන් ඇනගත් සැමියාත් මරුට

සැමියා සමග අඬදබර වීමෙන් පසුව නිවසින් බැහැරට ගිය බිරිඳ සිරුරට ගිනි තබාගෙන තිබේ.
එය ආරංචිවී රබර් කිරි කපන පිහියකින් ගෙලට සහ උදරයට ඇනගත් තිදරු පියෙකු ඊයේ (03 දා) අළුයම මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බඩල්කුඹුර, මඩුගහපට්ටිය පදිංචි ආර්. එම්. නන්දසේන (57) නමැති තිදරු පියෙකි.
සිරුරට ගිනි තබාගත් ඔහුගේ බිරිඳ වන ආර්. එම්. මල්ලිකා (56) නමැත්තියද ඉකුත් 31 වෙනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
29 වැනිදා රාත්‍රී මෙම අඹුසැමි යුවළ බහින්බස්වීමෙන් පසු බිරිඳ නිවසෙන් පිටතටගොස් සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගෙන තිබේ.
ස්වාමි පුරුෂයාට එය ආරංචිවීමෙන් නිවස තුළදී රබර්කිරි කපන පිහියකින් ඔහු ගෙලට සහ උදරයට ඇනගෙන තිබිණි.
දෙදෙනාම අසල්වැසියන් විසින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.
බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
205 Views
Comments