සැමියා එක්ක ගව රංචුව දක්කාගෙන යමින් සිටි බිරිඳ කිතුල් ගසක් කඩා වැටී අවාසනාවන්ත ලෙස මරුට

තම ගව රංචුව ස්වාමි පුරුෂයා සමග දුම්රිය මාර්ගය ඔස්සේ දක්කා ගෙන යමින් සිටි කාන්තාවකගේ ඇඟ මතට හදිසියේ කිතුල් ගසක් කඩාවැටී තිබේ.
කිතුල් ගස වැටීම නිසා ඇයගේ හිස දුම්රිය මාර්ගයේ වැදීමෙන් හිස් කබලට සහ මොළයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් මිය ගොස් ඇත.
මෙසේ පසුගිය 2දා මිය ගියේ බදුල්ල, මහවත්තගම, වැලිතැන්නේ ගෙදර යන ලිපිනයේ පදිංචිව සිටි 48 හැවිරිදි කේ. පී. ශාන්තිලතා නමැති තිදරු මවකි.
බදුල්ල මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණය සිදු කරන ලදී. එහිදී ස්වාමි පුරුෂයා වන එස්. ගුණදාස සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය.
අපි හරක් රංචුව රේල් පාර දිගේ ගඟට දක්කා ගෙන යමින් සිටියා. එවෙලේ වැස්සක් සුළඟක් තිබුනේ නැහැ.
එක් වරම පාර අද්දර තිබුණු කිතුල් ගසක් බිරිඳගේ ඇඟට කඩා වැටුණා. එම පහරට බිරිඳගේ හිස රේල් පාරේ වැදුණා.
ඇය බදුල්ල මහ රෝහලට ගෙන යන අතර මගදීම මිය ගියා.
287 Views
Comments