දෙදරු මවව ඇඳක් මත අභිරහස් ලෙස මරාදාලා - පොලිසිය පරික්‍ෂණ අරඹයි

වැලිගම, ඌරුවිටිය ප්‍රදේශයේ නිවසක් තුළ ඇඳ මත අභිරහස් ලෙස මරා දමා තිබූ කාන්තා මළ සිරුරක් 01 වැනිදා රාත්‍රියේ හමුවූ බව වැලිගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 29 ක් වු ධනුෂිකා නිපුනි නමැති දරුවන් දෙදෙනෙකු සිටින විවාහක කාන්තාවකි.
මෙම කාන්තාව පළමු විවාහයේ ස්වාමිපුරුෂයා අත් හැර දෙවැනි පුරුෂයා සමග ඌරුවිටිය දෙනිපිටිය ලිපිනයේ පිහිටි නිවසේ ජීවත්ව තිබේ. පළමු විවාහයේ දරුවන් දෙදෙනා ඒ අසල පිහිටි මියගිය කාන්තාවගේ මව්පියන් ජීවත් වන නිවසේ වාසය කර ඇත.
පෙරේදා රාත්‍රියේ නිවස තුළ විදුලි පහන් නොදමා තිබූ බැවින් ඇයගේ මව එම නිවස අසලට ගොස් බලනවිට නිවසේ ඉදිරිපස දොරට ඉබ්බෙක් දමා තිබූ බවත් පසුව එය ඉවත් කර දොර හැර බලන විට දියණියගේ සිරුර ඇඳ මත නිසොල්මනේ තිබූ බව දැක ඇත.
මළසිරුර රාත්‍රියේම මාතර මහරෝහලට ගෙනගොස් තිබෙන අතර මෙම කාන්තාව ඝාතනය කළා යැයි සැකකරන දෙවැනි විවාහයේ සැමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
210 Views
Comments