මත්වී අනඟ රැඟු‍ම් පෑ සුරූපිණියන් දෙදෙනා සහ පිරිමි තිදෙනෙක් රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

මත්වී අනඟ රැඟු‍ම් පෑ සුරූපිණියන් දෙදෙනා සහ පිරිමි තිදෙනෙක් රිමාන්ඩ්

මත්වී අනඟ රැඟු‍ම් පෑ සුරූපිණියන් දෙදෙනා සහ පිරිමි තිදෙනෙක් රිමාන්ඩ්

ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හික්කඩුව ප්‍රදේශයේ මෙහෙයුමකින් සුරූපිණියන් දෙදෙනෙකු ඇතුලු 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති විෂ මත්ද්‍රව්‍ය පානය කරමින් අනාචාරයේ හැසිරෙමින් සිටි වයස අවුරුදු 18-22ත් අතර රූමත් ලඳුන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ 26 නියෝග කළාය.

 

ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත්මාසිංහ මහතාට ලද තොරතුරකට අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එස්. එල්. නාරන්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

views

352 Views

Comments

arrow-up