AUG
05
ජනපති හා සමගි ජන සන්ධානය අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන සන්ධානය අතර සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව අද (05) පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සහ ඊට අදාළ යෝජනා පිළිබඳව එකඟතාවයකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරයි.
279 Views
Comments