විමල්ගෙන් ජනපතිට ලිපියක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමට ගොදුරු නොවීම සඳහා සියලු පාර්ශව නියෝජනය වන ආකාරයට සර්වපාක්ෂික සමුළුවක් කැඳවා එකගතා ආණ්ඩුවක් ව්‍යවස්ථානුකූලව පිහිටුවිය යුතු බවට යෝජනා කරමිනුයි.
එමෙන්ම හදිසි නීතිය යොදා ගැනීමේදී ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම, ආණ්ඩුවේ උපරිම අමාත්‍යවරුන් සංඛ්‍යාව තිහකට සීමා කිරීම ඇතුළු යෝජනා දහයක් මීට ඇතුළත්.
225 Views
Comments