හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 102වන ස්ථානය ශ්‍රී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 102වන ස්ථානය ශ්‍රී ලංකාවට

හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 102වන ස්ථානය ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 102වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා.

ඒ රටවල් 111ක් අතරිනුයි.

ශ්‍රී ලංකාව හා සුඩානය මෙම දර්ශකයේ සම මට්ටමින් පසුවන අතර මෙහි පළමු ස්ථානයේ රැඳෙන්නේ ජපානය සහ සිංගප්පූරුවයි.

එසේම ජර්මනිය සහ දකුණු කොරියාව දෙවන ස්ථානයේ ද පින්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග් සහ ස්පාඤ්ඤ තුන්වන ස්ථානයේද පසු වෙනවා.

අසල්වැසි ඉන්දියාව මීට පෙර 88 වැනි ස්ථානයේ පසු වූ අතර මෙවර ඔවුන් 83 වන ස්ථානයට පත්ව තිබෙන අතර එරට විදේශ ගමන් බලපත්‍රයක් සතු අයෙකුට රටවල් 59කට නිදහස් වීසා හිමිවන බවයි වාර්තා වන්නේ.

මෙම දර්ශකයේ 108 වැනි ස්ථානය පාකිස්තානයට ද අවසන් ස්ථානය වන 111 වන වන ස්ථානය ඇෆ්ගනිස්තානයට ද හිමි වී තිබෙනවා.

views

244 Views

Comments

arrow-up