ඇමති විජේදාසගෙන් යෝජනාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

ඇමති විජේදාසගෙන් යෝජනාවක්

ඇමති විජේදාසගෙන් යෝජනාවක්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක්කර තිබූ විධායක බලය තහවුරු වන අතුරු විධාන කිහිපයක් ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා සිටිනවා.

"අරගලයක් කවදාවත් ලේ වැගිරීම්වලින් තොරව අවසන් වෙලා නැහැ. අරගලය නිසා ප්‍රතිඵලයක් විදිහට මේ රටේ ආණ්ඩුව මාරු උනා. කැබිනට් එක මාරු උනා. අගමැති මාරු උනා. ජනාධිපති මාරු උනා. ඉන් ඔබ්බට අරගලය හරහා කරන දේවල් කරන්න වෙන්නේ ව්‍යවස්ථා රාමුව තුල.කවුරුහරි කියනවා නම් අපිට අහවලත් එපා. ඊළඟ එක්කෙනත් එපා කියලා එහෙනම් කියන්න ඕනි කාවද ඕනි කියලා."  යනුවෙන් ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

238 Views

Comments

arrow-up