JUL
29
අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් සමත්වී තිබෙනවා.
ජා ඇල කොටුගොඩ ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17.32ක් හමුවී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 170,000ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
සැකකරු කොටුගොඩ ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයෙක්.
234 Views
Comments