ගංජා රට පටවා ඩොලර් ප‍්‍රශ්ණය විසදනවා..– සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
08

ගංජා රට පටවා ඩොලර් ප‍්‍රශ්ණය විසදනවා..– සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා

ගංජා රට පටවා ඩොලර් ප‍්‍රශ්ණය විසදනවා..– සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා

 

සංචාරක පැමිණීම වැඩිකිරීම සහ සහ තවත් ව්‍යාපෘති හරහා මෙරටට විදේශ විනිමය උපයා ගැනීමට හැකි වනු ඇති බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

 

තමන් මීට පෙරද පවසා ඇති පරිදි කංසා නීතිගත කර අපනයනය කිරීම මගින් විශාල ඩොලර් ආදායමක් ලබන වසරේදී උපයා ගැනීමට හැකිවවු ඇතැයිද ඇය පවසයි.

 

රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පල කලාය.

 

“ජනතාවට සහනයක් ලැබෙන්න ඉතින් අපි රටට ඩොලර් ගේන්නම ඕනෙ. මොකද ජනතාවට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න, බඩු මිල පහළ දාන්න, මේ ඔක්කොම කරන්න නම් මේ රටට විදේශ විනිමය නැතිව තියෙන්නෙ, අපි ණය ගෙවාගන්න බැරුව ඉන්නෙ, ඒ හින්දා ඒක ගේන ක්‍රමයක් තමයි හදන්නෙ. ඒකත් එක්ක තවත් මගේ තියෙනවා ව්‍යාපෘති යෝජනා – මම අලුතින් කියන්න ඕනෙ නෑ, මගේ අර මීට ඉස්සෙල්ලාත් කියපු අපනයනය සඳහා කංසා නීතිගත කිරීම. ඉතින් ඒකටත් මම වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඒක තුළින් මම විශ්වාස කරනවා ලංකාවට ලබන අවුරුද්ද වෙනකොට විශාල මුදලක් රටට ගේන්න පුළුවන් වෙයි කියලා”

views

298 Views

Comments

arrow-up