මත්ද්‍රව්‍ය ජාවාරම කාන්තාවන් අතට - හෙරොයින් සමඟ තවත් කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

මත්ද්‍රව්‍ය ජාවාරම කාන්තාවන් අතට - හෙරොයින් සමඟ තවත් කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම කාන්තාවන් අතට - හෙරොයින් සමඟ තවත් කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු කාන්තාවක් හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් යි ග්‍රෑම් 21ක් සමඟ ඊයේ මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන ඇත.

 

කොළඹ උතුරු කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදුකල මෙම වැටලීමේදී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකාරිය දින හතක රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

 

මීට අමතරව තවත් 59 හැවිරිදි කාන්තාවක් ග්‍රෑන්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 14 ක් තිබී ඇත.

 

ඇය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 2කට අධික මුදලක්ද පොලීසිය භාරයට ගෙන ඇත.

views

894 Views

Comments

arrow-up