11 හැවිරිදි දැරියගේ නුවණ නිසා ඇයව අපයෝජනය කළ ඇගේ සීයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

11 හැවිරිදි දැරියගේ නුවණ නිසා ඇයව අපයෝජනය කළ ඇගේ සීයා අත්අඩංගුවට

11 හැවිරිදි දැරියගේ නුවණ නිසා ඇයව අපයෝජනය කළ ඇගේ සීයා අත්අඩංගුවට

11 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ ඇගේ සීයා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 29වන දින අත්අඩංගුවට ගෙන කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල වයස අවුරුදු 62 ක් වන මෙම සැකකරු අගෝස්තු 12වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

 

11 හැවිරිදි මෙම දැරිය මව පියා සහ බාල සහෝදරියක් සමඟ ජීවත්වන අතර, දෙමව්පියන් දෙදෙනාම රැකියා සඳහා නිවසින් බැහැරව යන බැවින් එම කාලය තුළ දරුවන් රැකබලා ගැනීම සිදු කර ඇත්තේ දැරියගේ මිත්තණිය විසිනි.

 

එම දැරියගේ ලොකු අම්මාට ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා දැරියගේ මිත්තණිය ඇය බලාගැනීම සඳහා පිටත්ව ගොස් තිබේ.

 

ඉන්පසුව මව විසින් මෙම දැරියන් රැක බලාගැනීම සඳහා තම පියා නිවසට ගෙන්වා ගෙන ඇති අතර දෙමාපියන් රැකියාව සඳහා පිටව ගිය අවස්ථාවේදී මෙම පුද්ගලයා දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර මෙම සිදුවීම් මවට පැවසීමට අපහසු බැවින් දැරිය විසින් අදාළ කරුණු කොළ කැබැල්ලක ලියා මවට පෙනෙන ලෙස තැබීමට කටයුතු කර ඇත.  

 

දැරියගේ මව විසින් කොළ කැබැල්ල දැක තම පියාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු එම දැරියව අපයෝජනය කළ බවට පිළිගෙන ඇත.

 

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගැණින.

 

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

 

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ අපයෝජනයට ලක් දැරිය තම ගැටලු‍ව කොළයක ලියා මවට පෙනෙන සේ තැබීම නිසා මෙම අපරාධය අනාවරණය කරගැනීමට හැකිවූ බවයි.

 

මෙවැනි නුවණැති දැරියන් මුලු‍ මහත් ළමා පරපුරටම ආදර්ශයක් බව පෙන්වාදුන් සභාපතිවරයා එමඟින් උගත හැකි පාඩම් රැසක් පවතින බවද සඳහන් කළේය.

views

1679 Views

Comments

arrow-up