අරගලකරුවන් අත්පත්කරගෙන සිටි මන්දිරවල පැරණි බඩු 1000කට වැඩිය උස්සලා

අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලින් පෞරාණික වටිනාකමක් සහිත භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි වාර්තාවෙයි.
එම භාණ්ඩ සොයාගැනීමට විශේෂ විමර්ශන අරඹා ඇතැයිද පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
සමහර පුද්ගලයන් මෙම ස්ථානවල පෞරාණික භාණ්ඩවල යම් යම් කොටස් සඟවාගෙන රැගෙන ගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු අනාවරණයවී තිබේ.
මේ අතර ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැතැයි වාර්තා වේ.
විනාශවූ සහ අස්ථානගත වූ පුරාවස්තු පිළිබඳව නිශ්චිත සහ පැහැදිලි තොරතුරක් ලබාගැනීම මේ හේතුවෙන් දුෂ්කර වනු ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරයේ ඇතුළු ස්ථානවලට අරගලකරුවන් මුවාවෙන් විවිධ සංවිධානාත්මක පිරිස්ද(කුඩුකාරයන්) රිංගා ඇති බවත් මේ සොරකම් වැඩි වශයෙන් කර ඇත්තේ එම පිරිස් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.
මේ අතර අරගලයට මුවාවී රජයේ ස්ථාන අත්පත් කරගත් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැනටමත් තීරණය කර තිබේ.
320 Views
Comments