උසේන් බෝල්ට්ගේ ගිණුමෙනුත් සල්ලි උස්සලා ?

අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගත් උසේන් බෝල්ට්ගේ මුල්‍ය ගිණුමෙන් ඩොලර් මිලියන 12.7ක් අතුරුදහන් වී තිබෙන බව වාර්තා වෙනවා.
ජැමෙයිකාවේ පෞද්ගලික ආයෝජන ආයතනයක තැම්පත් කර තිබු ඩොලර් මිලියන 12.8 ක මුදල් වලින් දැනට ඉතිරිව ඇත්තේ ඩොලර් 12,000 ක් පමණක් බවයි බෝල්ට්ගේ නීතීඥවරුන් පවසන්නේ.
බෝල්ට්ගේ නීතීඥවරුන් පවසන්නේ දින 10ක් ඇතුළත මුදල් ආපසු නොදුන්නොත් සිවිල් සහ අපරාධ ක්‍රියාමාර්ග ගන්නා බවයි
ඔලිම්පික් රන් 8 ට අමතරව ලෝක ශූරතා ශූරතා 11 ක් ඇතුළත් වෘත්තීය ජීවිතයෙන් පසු ක්‍රීඩකයා 2017 දී විශ්‍රාම ගෙන තිබෙනවා.
ඔහු 2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 100 සහ මීටර් 200 ධාවන ඉසව්ව ජයග්‍රහණය කරමින් තරඟ දෙකේදීම නව ලෝක වාර්තා පිහිටුවමින් කීර්තියට පත් විය.
208 Views
Comments