මාව මරාදැමීමට සැලසුම් කළේ හිටපු හමුදා ප්‍රධානියා – ඉම්රාන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

මාව මරාදැමීමට සැලසුම් කළේ හිටපු හමුදා ප්‍රධානියා – ඉම්රාන්

මාව මරාදැමීමට සැලසුම් කළේ හිටපු හමුදා ප්‍රධානියා – ඉම්රාන්

 

තමාව ඝාතනය කර රටේ හදිසි නීතිය පැනවීමට සැලසුම් කරන ලද්දේ හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා බව පාකිස්තානයේ හිටපු අගමැති සහ පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රධානී ඉම්රාන් ඛාන් චෝදනා කරයි.

 

ඩෝන් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට, වසිරාබාද්හිදී තමා ඝාතනය කිරීම සඳහා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් හෙළිදරව් කිරීම් ඉදිරියේදී සිදුකරන බව ඉම්රාන් ඛාන් පවසා තිබේ.

 

හිටපු හමුදාපතිවරයා විශ්‍රාම ගොස් ඇති බැවින් ඔහුට එරෙහිව චෝදනා එල්ල කිරීම නවත්වන්නැයි බොහෝ දෙනා තමාට පවසන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

views

219 Views

Comments

arrow-up