සල්මාන් රුෂ්ඩි ඝාතනයට තැත් කිරීම පිළිබඳ ඉරානයේ ප්‍රතිචාර
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

සල්මාන් රුෂ්ඩි ඝාතනයට තැත් කිරීම පිළිබඳ ඉරානයේ ප්‍රතිචාර

සල්මාන් රුෂ්ඩි ඝාතනයට තැත් කිරීම පිළිබඳ ඉරානයේ ප්‍රතිචාර

නිව්යෝක් නුවර උත්සවයකට සහභාගි වෙමින් සිටින අතරතුර ලේඛක සල්මාන් රුෂ්ඩි පසුගිය දා පිහි ඇනුමක් ලක් විය.

 

මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට ඉරානයේ සම්බන්ධයක් පවතින බවට චෝදනා එල්ල වී ඇත.

 

කෙසේ නමුත් ලේඛක සල්මාන් රුෂ්ඩිට තුවාල කිරීමේ සිද්ධියට තම රටේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉරානය ප්‍රකාශ කරයි.

 

සල්මාන් රුෂ්ඩි ඝාතන තැත් කිරීම සම්බන්ධයෙන් ඉරානයට දොස් පැවරීමෙන් පලක් නොමැති බව ඒ පිළිබඳව අදහස් දැක්වූ ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රකාශකයකු සඳහන් කරයි.

 

මීට වසර 30කට පමණ පෙර  සල්මාන් රුෂ්ඩි රචිත "ද සැටනික් වර්සර්ස්" නැමැති කෘතිය හේතුවෙන් ඉරානය ඔහු ආගමට එරෙහි විරුද්ධවාදියෙක් ලෙස නම් කරන ලදී.

 

එසේ ම ඔහුව ඝාතනය කිරීමේ නියෝගයක් ද නිකුත් කර තිබුණි.

 

views

281 Views

Comments

arrow-up