දකුණු කොරියාවට හදිසි ගංවතුර තත්ත්වයක් - 08ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

දකුණු කොරියාවට හදිසි ගංවතුර තත්ත්වයක් - 08ක් මරුට

දකුණු කොරියාවට හදිසි ගංවතුර තත්ත්වයක් - 08ක් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවරට ඇද හැලු‍ණු අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තිබේ. 

 

විවිධ ආපදා හේතුවෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් විය. 

 

ජල ගැලීමත් සමඟ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ. 

 

ඇතැම් ප්‍රදේශවලට වසර 80 කට පසු ලැබුණු වැඩිම වර්ෂාපතනය ඊයේ ලැබී ඇති බව දකුණු කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර ඇත.

views

299 Views

Comments

arrow-up