චීනයෙන් තවත් වෛරසයක්

මේ දිනවල කොරෝනා සහ මන්කිපොක්ස් වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතරතුර වේගයෙන් ව්‍යාප්ත වන තවත් වෛරසයක් පිළිබඳව චීනයෙන් වාර්තා වී ඇත.
මෙම නව වයිරසය Langya නමින් හදුන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන ආරංචි මාර්ග පවසන්නේ මෙම නව වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ දක්වා Langya වෛරසය සඳහා කිසිදු ඖෂධයක් නිපදවා නොමැති අතර වයිරසය පිළිබඳව අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව වෛරසය හේතුවෙන් මිනිස් අක්මාව සහ වකුගඩු අඩපණ වීමේ හැකියාව වැඩි බව ද වාර්තා වේ.
Langya වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වී ඇත්තේ නැගෙනහිර චීනයේ ය.
වෛරසය ආසාදිතයන්ගෙන් බහුතරයකගෙන් තද උණ, කැස්ස, ආහාර අප්‍රියතාව, මස්පිඩු වේදනා, කැරකිල්ල, වමනය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
287 Views
Comments