ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක්

දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් ඉස්ලාමාබාද් අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.
තවද වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමද ඉම්රාන් ඛාන් ට ඉස්ලාමාබාද් අධිකරණය තහනම් කර ඇත.
මේ වන විට ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව කොට් ලක්පට් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන් ලැබුණු ත්‍යාග පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දීමත් එම ත්‍යාග විකිණීමට උත්සාහ දැරීමත් යන චෝදනා වලට ඉම්රාන් ඛාන් වරදකරු වී ඇත.
202 Views
Comments