මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේටය සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේටය සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කරයි

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේටය සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මරණ දඬුවම ලබා දීම වහාම අත් හිටුවන ලෙස කුවේටය සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කර ඇත.

 

 

දැනට මරණ දඬුවම ලබා දීම අත්හිටුවා හෝ නවතා දමා ඇති රටවල් 170 කට වඩා වැඩි සංඛ්‍යාවට එකතු වන ලෙසද කුවේටය සහ සිංගප්පූරුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

 

 

පසුගියද කුවේටය සිරකරුවන් 5 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර එම සිරකරුවන් 5 දෙනාට ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද අයත් විය.

 

 

එසේම සිංගප්පූරුවද සිරකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දුන් අතර වසර 20 කට ආසන්න කාලයකදී මරණ දඩුවම ලබා දුන් ප්‍රථම සිංගප්පූරු කාන්තාවද ඒ අතර සිටියාය.

views

218 Views

Comments

arrow-up