AUG
10
සංක්‍රමණික බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් 41ක් මරුට

ඉතාලියට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් 41 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර ටියුනීසියාවේ Sfax සිට ඉතාලිය බලා යමින් සිටියදී මෙම බෝට්ටුව ගිලී ගොස් තිබේ.
අනතුරින් සිව් දෙනෙක් පමණ බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ වසරේ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට අතර මුහුදු ගමනේදී මේ දක්වා කාලය තුළ පමණක් සංක්‍රමණිකයන් 1800කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
267 Views
Comments