හෙලිකොප්ටර් අනතුරින් යුක්රේන ඇමති ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

හෙලිකොප්ටර් අනතුරින් යුක්රේන ඇමති ජීවිතක්‍ෂයට

හෙලිකොප්ටර් අනතුරින් යුක්රේන ඇමති ජීවිතක්‍ෂයට

යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගත්තේය.

 

යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිස්කි ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි බවත් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බවත් පැවැසෙයි.

 

හෙලිකොප්ටරය කඩා වැටී පිපිරුමෙන් සහ ගින්නෙන් පෙර පාසල් ගොඩනැගිල්ලටත්, මහල් නිවාස ගොඩනැගිල්ලටත් හානි සිදුවිණි.

 

හෙලිකොප්ටරය, රුසියන් මිසයිල ප්‍රහාරයකට හසුවීමෙන් කඩා වැටෙන්න ඇති බවත් අනුමාන කෙරේ. පිපිරුමට සහ ගින්නට හසුවීමෙන් 16 දෙනකු මියගිව බවත් කුඩා දරුවන් කීප දෙනකු ද ඒ අතර සිටින බවත් පැවැසෙයි.

views

202 Views

Comments

arrow-up