AUG
15
සුවිශේෂී කොවිඩ් එන්නතක් සඳහා බ්‍රිතාන්‍යයේ අනුමැතිය

සුවිශේෂී කොවිඩ් එන්නතක් සඳහා බ්‍රිතාන්‍යය විසින් අනුමැතිය ලබා දී තිබේ.
මෙම සුවිශේෂී එන්නතට කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදය පමණක් නොව ඔමික්‍රෝන් ප්‍රභේදය පාවා පාලනය කිරීමට හැකියාවක් පවතින බව වාර්තා වේ.
මෙවැනි කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට බිතාන්‍යයයි.
මොඩර්නා සමාගම විසින් නිපදවා ඇති මෙම එන්නත බූස්ටර් එන්නතක් ලෙස වැඩිහිටියන් සදහා අනුමැතිය ලබා දුන් බව බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය පවසයි.
සායනික පරීක්ෂණවල ප්‍රතිඵල මත පදනම්ව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
250 Views
Comments