පාකිස්තානයේ විදේශ සංචිත අර්බුදයක්

දරුණු ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානයේ විදේශ සංචිත අවදානම් මට්ටමක් දක්වා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පාකිස්තානයේ රාජ්‍ය බැංකුව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 784 කින් පහත වැටී ඇති බවය.
පාකිස්තාන මහ බැංකු වාර්තාවලට අනුව පාකිස්තාන රාජ්‍ය බැංකුව සතු විදේශ විනිමය වත්කම් මෙලෙස වාර්තාගත ලෙස කඩා වැටී ඇත්තේ 2019 වසරේ ජනවාරි මාසයෙන් පසු පළමු වරටය.
ඒ අනුව මේ වනවිට පාකිස්තානය සතු සම්පූර්ණ ද්‍රවශිලී විදේශ විනිමය සංචිත ප්‍රමාණය පවතින්නේ අමෙරිකානු ඩොලර් බිලියන 12.58 ක අගයක බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
192 Views
Comments