පිහි ප්‍රහාර මාලාවකින් 10ක් මරුට - 15ක් රෝහලට

කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
තුවාල ලැබූ ගණන 15 කි.
ජේම්ස් ස්මිත් ක්‍රී සහ වෙල්ඩන් යන පළාත්ද ඇතුළු එකිනෙකට වෙනස් ස්ථාන 13 කින් පිහි ප්‍රහාර වාර්තා වෙයි.
තුවාල ලැබූවන් විවිධ රෝහල්වලට ඇතුළත් කර ඇත.
එය උමතුවෙන් කළ පිහි ප්‍රහාර මාලාවක් යැයි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස්පතිනී රොන්ඩා බ්ලැක්මෝර් පැවැසුවාය.
ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොහොයුරන් දෙදෙනකු යැයි ද එම මාධ්‍ය හමුවේදී පොලිස්පතිනිය වැඩි දුරටත් සඳහන් කළාය.
සැකකරුවන් දෙදෙනා 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් බවත් ඔවුන් මේ වනවිට පොලිසියෙන් බේරී පලා යමින් සිටින බවද වාර්තා වේ.
සැකකරුවන් සොයා ප්‍රාන්ත මටට්මින් දැවැන්ත සෝදිසි කිරීම් ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
සැකකරුවන් අතිශය බිහිසුණු අපරාධකරුවන් දෙදෙනකු බවත්, ජනතාව ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවිය යුතු බවත් පොලිසිය පවසා අනතුරු ඇඟවීම් කර තිබේ.
සිස්කැචුවින් ප්‍රාන්ත වැසියන්ට නිවෙස් තුළ රැදී සිටින්නැයිද පොලිසිය උපදෙස් දී ඇත.
331 Views
Comments