රුසියාවට ගෑස් පෙන්වූ යුරෝපය ගෑස් අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

රුසියාවට ගෑස් පෙන්වූ යුරෝපය ගෑස් අර්බුදයක

රුසියාවට ගෑස් පෙන්වූ යුරෝපය ගෑස් අර්බුදයක

 

යුරෝපා සංගමයට අයත් රටවල් මේ වනවිට දැඩි ගෑස් අර්බුදයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියාව සමග ඇති කර ගත් මතභේදාත්මක තත්ත්වය සහ ඒ හමුවේ අඛණ්ඩව ගෑස් මිල ඉහළ යාම හමුවේයි.

 

 

පවතින තත්ත්වය අනුව ස්වාභාවික ගෑස්වල මිල අඩු කර ගැනීමට අවශ්‍ය පියවර නොගතහොත් යුරෝපා රටවල් එළඹෙන සීත ඍතුවේදී බරපතල තත්ත්වයකට මුහුණ පානු ඇති බවයි බෙල්ජියම පවසන්නේ. 

 

 

යුරෝපා රටවල් රැසක ගෑස් මිල සහ විදුලි පිරිවැය ඉහළ යාම කෘතිමව නිර්මාණය වූවක් බව හා එය වහා සමනය කර ගැනීම යුරෝපානු රටවල් විසින්ම සිදු කළ යුතු බවයි බෙල්ජියම් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. එසේ නොවුනහොත් එළඹෙන සීත ඍතුව පමණක් නොව තවත් බොහෝ කාලයක් ගෑස් මිල සහ විදුලි පිරිවැය ඉහළ යාමෙන් යුරෝපය පීඩාවට පත්වනු ඇති බව ද බෙල්ජියම් බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

views

261 Views

Comments

arrow-up