AUG
29
ලොව හුදකලා ම මිනිසා මියයයි

ලොව හුදකලා ම මිනිසා ලෙස සැලකෙන වෙනත් කිසිදු ජන වර්ගයක් සමඟ මුසු නොවී බ්‍රසීලයේ තනාරු ස්වදේශික ප්‍රදේශයේ ජීවත් වූ මිනිසා මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ආදිවාසී ගෝත්‍රයක අවසන් සාමාජිකයා වූ ඔහු වසර 26ක් පමණ තිස්සේ හුදකළාව ජීවත්ව ඇති බවයි.
ඔහුව “කුහරයේ මිනිසා” ලෙස ද හඳුන්වයි.
සතුන් දඩයම් කිරීමේ අරමුණින් පොළොව හාරා සැඟවී දිවි ගෙවීම නිසා ඔහුව එලෙස හඳුන්වයි.
ඔහුගේ වයස අවුරුදු 60ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරෙන අතර මරණය ස්වභාවික හේතුවක් නිසා සිදුවන්නට ඇතැයි සැක කෙරේ.
312 Views
Comments