ට්‍රම්ප්ට එරෙහිව යළිත් අධි චෝදනා

අධිචෝදනා ගොනු කළ තමාට ලබන අඟහරුවාදා මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
රහස්‍ය ලිපිගොනු වැරදි ලෙස පරිහරණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රප්ම්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන පසුබිමක මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.
ඔහුට විරුද්ධව අධිචෝදනා 7 ක් ගොනුකර ඇති බවත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන අතර නව චෝදනා සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වේ යැයි තමා කිසිසේත් නොසිතූ බවය යන්නය.
මෙය තමා ජනාධිපතිවරණයෙන් ඉවත් කිරීම සඳහා සිදුකරන යුද්ධයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
216 Views
Comments