මහාරාෂ්ට ප්‍රාන්තයේ ඉන්ධන මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

මහාරාෂ්ට ප්‍රාන්තයේ ඉන්ධන මිල පහලට

මහාරාෂ්ට ප්‍රාන්තයේ ඉන්ධන මිල පහලට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ඉන්ධන මිල අඩු කිරීමට එරට ප්‍රාන්ත කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

පෙට්‍රල් ලීටරයක් ඉන්දීය රුපියල් 5 කින් ද ඩීසල් ලීටරයක් ඉන්දීය රුපියල් 3 කින් ද අඩු කිරීමට මෙහිදී සැලසුම් කර ඇති අතර මේ හේතුවෙන් සමස්ත උද්ධමනය පහත වැටෙන බව එරට ප්‍රධාන අමාත්‍ය ඒක්නාත් ශින්ඩේ ප්‍රකාශ කර තිබෙනවා.

 

මේ සඳහා වන බදු කප්පාදුව සඳහා ප්‍රාන්තයට වසරකට රුපියල් කෝටි 6000ක් වැය වන අතර මෙය සිදු වන්නේ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ඉන්ධන මත පනවා ඇති එකතු කළ අගය මත බද්ද කපා හරින බව ප්‍රකාශ කිරීමෙන් සතියකට පසුවයි.

 

කෙසේ වුවත් මේ දිනවල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන අන්දමින් පහත වැටී තිබෙන බවද වාර්තා වෙනවා.

views

289 Views

Comments

arrow-up