JUN
27
මරුටි නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

ලෝකප්‍රකට මරුටි මෝටර් රථ සමාගමේ නිර්මාතෘ වී. ක්‍රිෂ්ණමූර්ති මහතා ඊයේ(26) චෙන්නායි හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 97 වන වියේ පසුවුණා.
මරුටි මෝටර් වාහන නිෂ්පාදනය ඉන්දීය කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ අතර ඉන්දියාවේ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ද එය විශාල වශයෙන් ඉවහල් වුණා.
කෙසේ වෙතත් ටී.වී.එස්. මෝටර් සමාගමේ සභාපති වියානා ශ්‍රීනිවාසන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ තම සමාගම ගොඩනැංවීමට ක්‍රිශ්නමූර්ති මහතා බෙහෙවින්ම උපකාර කළ බවයි.
303 Views
Comments