දේශපාලන නායිකාවකට වසර 6ක සිර දඬුවම්

ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට මූල්‍ය වංචා චෝදනාවක් මත වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ.
අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2007 වර්ෂයේ සිට දෙවතාවක් ඇය එරට ජනාධිපති ධුරය දැරූ අතර ඇගේ ස්වාමි පුරුෂයා ද ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිවරයෙකි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද හේතුවෙන් ඇය සිරගත වීම සිදු නොවනු ඇති බවයි.
ආර්ජන්ටිනාවේ උපජනාධිපතිවරයෙකු ධුරයේ සිටියදී අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාවද මෙයයි.
217 Views
Comments