දස දෙනෙක්ට මරු කැඳවූ පිහි ඇනුමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කැනඩාවේ සස්කචෙවාන් ප්‍රදේශයේ පුද්ගලයන් 10 දෙනකුට මරු කැඳවමින් එල්ල වූ පිහි ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මයිකල් සැන්ඩර්සන් නම් මෙම සැකකරු සස්කචෙවාන් රොස්තරන් නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පසුගිය ඉරිදා සිදුවූ මෙම ඝාතනය සහෝදරයන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.
ඉන් එක් සැකකරුවෙකු වන ඩේමියන් සැන්ඩර්සන් නම් 31 හැවිරිදි සහෝදරයාගේ සිරුර පෙරේදා (06) දිනයේ සොයාගෙන තිබුණි.
පුද්ගලයන් 10 දෙනකු මිය ගිය මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
253 Views
Comments