දකුණු අප්‍රිකානු ජනාධිපතිට දෝෂාභියෝගයක්

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාට දෝෂාභියෝගයක් එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයාට මෙලෙස දෝෂාභියෝගයක් එල්ල වීමට යන්නේ 2024 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඔහු යළිත් ඉදිරිපත් වීමට නියමිතව ඇති පසුබිමකයි.
සිරිල් රමපෝසාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ 2020 වසරේ ඔහු ජනාධිපති ධූරය දරන සමයේ ඔහුගේ ගොවිපළට සම්බන්ධ ඇමරිකානු ඩොලර් මිලියන 04ක මූල්‍ය අක්‍රමිකතාවකි.
කෙසේ නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයා පවසන්නේ අදාළ මුදල ගොවිපළේ ගවයින් වෙන්දේසි කර උපයා ගත් බවයි.
180 Views
Comments