APR
02
බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරුන්ට වට්ස්ඇප් භාවිතයේදී දැඩි නීති

බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන්ට වට්ස්ඇප් සමාජ මාධ්‍ය සහ වෙනත් පෞද්ගලික පණිවිඩ යැවීමේ යෙදුම් භාවිතයේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව වාර්තා වේ.
රාජ්‍ය කටයුතු වලදී එම යෙදුම් භාවිතා කරන විට අනිවාර්යයෙන් එම මාර්ගෝපදේශ පිළිපදින ලෙසටත් පුද්ගලික පණිවිඩ වලදී සැලකිලිමත් වන ලෙසටත් එමගින් දන්වා ඇත.
තවද "රහස්" ලෙස වර්ගීකරණය කර ඇති තොරතුරු කිසිවිටෙකත් එවැනි යෙදුම් හරහා යැවීම සිදු නොකරන ලෙසට එම මාර්ගෝපදේශයන් මගින් දැනුම් දී තිබේ.
168 Views
Comments