ඉන්දියාවට ඊ-උසාවි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

ඉන්දියාවට ඊ-උසාවි

ඉන්දියාවට ඊ-උසාවි

 

මාර්ග නීති කඩ කිරීම් සහ අපරාධ සම්බන්ධව යුක්තිය ඉටු කිරීමට පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රමයක් ආරම්භ කර ඇති ඉන්දියාවේ ඊ-උසාවි මෙහෙයුම් යටතේ ජනතාවට සේවය සැලසීමට මාර්ගගත අධිකරණ පද්ධතියක් ආරම්භ කිරීමට ඉන්දියාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

 

එරට දිස්ත්‍රික් සේවා අධිකාරියේ සමාරම්භක සැසිවාරය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි මේ පිළිබඳ ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

 

ඕනෑම සමාජයකට ඉහළ මට්ටමේ අධිකරණ පද්ධතියක වැදගත්කම පෙන්වා දෙමින් ඉන්දීය අගමැතිවරයා සඳහන් කර ඇත්තේ ව්‍යාපාර කිරීමේ පහසුව සහ ජීවත්වීමේ පහසුව මෙන්ම යුක්තිය ඉටු කිරීම ද එකසේ වැදගත් බවය. ජනතාවගේ පහසුව සඳහා අධිකරණවල වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් ද පුළුල් කරමින් තිබෙන බවත්, පසුගිය වසර අට තුළ ඉන්දියාවේ අධිකරණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම වේගවත්ව සිදු වූ බවත් අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

views

256 Views

Comments

arrow-up