AUG
14
කැන්බරා ගුවන් තොටුපලේ වෙඩි තැබීමක්, ගුවන් තොටුපලේ කොටසක් වසා දැමේ

ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපලේ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් තොටුපලට ඇතුළු වූ තුවක්කුකරුවෙකු විසින් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර පසුව ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ප්‍රහාරවලින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර ගුවන් තොටුපලේ සිට සියලුම මගින් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
ප්‍රහාරයෙන් පසු ගුවන් තොටුපලේ කොටසක් මේ වන විට වසා දමා ඇත.
වෙඩි තැබීමට අදාළ හේතුව කුමක්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
299 Views
Comments