බංග්ලාදේශයේ ඉන්ධන මිල 50%කින් ඉහළට, විදෙස් සංචිතත් අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

බංග්ලාදේශයේ ඉන්ධන මිල 50%කින් ඉහළට, විදෙස් සංචිතත් අඩුවෙයි

බංග්ලාදේශයේ ඉන්ධන මිල 50%කින් ඉහළට, විදෙස් සංචිතත් අඩුවෙයි

බංග්ලාදේශයේ ඉන්ධන මිල 50%කින් පමණ ඉහළ දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

 

බලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙනි.

 

මේ නිසා එරට ජනතාව වීදි වලට බැස විරෝධතා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පෙට්රල් මිල ටාකා 130 ක් දක්වා වැඩි කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. ටාකා එකක් යනු ශ්‍රී ලංකා රුපියල් 3.80ක් පමණ වේ.

 

මේ අතර බංග්ලාදේශය ද මේ වන විට විදෙස් විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර එරට විදෙස් සංචිත ද අඩුවෙමින් පවතින බව ද වාර්තා වේ.

 

views

311 Views

Comments

arrow-up