හිමාල කඳුවැටියේදී අතුරුදන් වූ සෙබළාගේ මළසිරුර වසර 38කට පසු සොයාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

හිමාල කඳුවැටියේදී අතුරුදන් වූ සෙබළාගේ මළසිරුර වසර 38කට පසු සොයාගනී

හිමාල කඳුවැටියේදී අතුරුදන් වූ සෙබළාගේ මළසිරුර වසර 38කට පසු සොයාගනී

වසර 38 කට පෙර හිමාල කඳුවැටියේ දී අතුරුදන් වූ ඉන්දීය සෙබෙළෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

 

මෙම සෙබළා සහ තවත් 19 දෙනෙකු මුර සංචාරයක් අතරතුර දී සිදු වූ ග්ලැසියර් කුණාටුවකට හසුවීමෙන් අතුරුදහන් වූයේ 1984 වර්ෂයේදීයි.

 

ඉන්දු – පාකිස්තාන දේශ සීමාවේදී සිදු වූ මෙම අනතුරෙන් මිය ගිය 15 දෙනෙකුගේ සිරුරු සොයා ගත් නමුත් එක් අයෙකු අතුරුදහන්වී තිබුණා.

 

කෙසේ වෙතත් ඔහුගේ සිරුර අයිස් තට්ටු මත තිබිය දී ඊයේ සොයාගෙන ඇති බවයි උත්තර් කාන්ත් ප‍්‍රාන්ත පොලිසිය පැවසුවේ.

views

325 Views

Comments

arrow-up