අභිනව චාල්ස් රජුට එංගලන්තයේ ගොඩක් අය කැමති නෑලු

බ්‍රිතාන්‍යයේ තරුණ පරපුර තුළ රජු හෝ රාජකීය පවුල සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් නොමැති බව, තුන්වන චාල්ස් රජු කෙරෙහි ඇති මහජන මතය විමසීමට සිදු කළ සමීක්ෂණ දෙකකදී හෙළි වී ඇත.
එම සමීක්ෂණ panorama සහ yougov යන ආයතන එක්ව සිදු කොට ඇති අතර එමගින් 58% ක පිරිසක් තවමත් රජු රාජ්‍යයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන බව අනාවරණය වී තිබේ.
26% ක පිරිසක් ඡන්දයෙන් තේරී පත්වන නායකයෙකු රාජ්‍යයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු දැකීමට කැමැත්ත පළ කර ඇත.
කෙසේ නමුත් රජුට පක්ෂපාතී පිරිස 58% ඉක්මවූවද ඉන් බහුතරය වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් බැවින් තරුණ කොට්ඨාසය රජ පවුල ප්‍රතික්ෂේප කරන ආකාරයක් පෙනී යන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
විශේෂයෙන්ම රටපුරා රජු හා රජ පවුල වෙනුවෙන් මාළිගා නඩත්තු කිරීම, රජු සිය ගමන් සඳහා පෞද්ගලික හෙලිකොප්ටර් සහ ජෙට් යානා භාවිතා කිරීම ඔවුන් හෙළා දකින බව මාධ්‍ය විසින් වැඩිදුරටත් සඳහන් කරයි.
211 Views
Comments