කොංග්‍රස් පක්ෂයට නිර්ගාන්ධි නායකත්වයක්?
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

කොංග්‍රස් පක්ෂයට නිර්ගාන්ධි නායකත්වයක්?

කොංග්‍රස් පක්ෂයට නිර්ගාන්ධි නායකත්වයක්?

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය සඳහා නව පක්ෂ සභාපතිවරයකු තෝරා පත් කර ගැනීමට හැකියාවක් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

නිදහස් ඉන්දියාවේ වැඩිම කලක් පාලනය කළ කොංග්‍රස් පක්ෂය සඳහා බොහෝ අවස්ථාවලදී නායකත්වය දුන්නේ ගාන්ධි පවුලේ උරුමය ඇති අයෙක් වීම විශේෂත්වයක්.

මේ අනුව පක්ෂයේ නව නායකයා වෙනුවෙන් රාජස්තාන් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා වන ගාන්ධි පවුලේ හිතවතෙකු වන අශෝක් ගෙලොත් සහ දකුණු කේරළ ප්‍රාන්තය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය නියෝජිතයෙකු වන ශෂී තරූර් යන අය විසින් නාමයෝජනා බාරදීමට නියමිතයි.

 

views

253 Views

Comments

arrow-up