ඇපල් සමාගමට වැදුණු දඩය

ප්‍රංශයේ පැරිස් හි අධිකරණයක් මගින් ඇපල් සමාගමට දඩ නියමකර තිබේ.
එම දඩය යුරෝ මිලියනයකි.
ඒ ඇපල් සමාගමේ App Storeහි සේවා ලබාගැනීම සඳහා ප්‍රංශ ඇප් නිර්මාණකරුවන්ට දැඩි වාණිජ වගන්ති පනවා ඇති බවට පැරිස් වාණිජ අධිකරණය මගින් තීන්දු කිරීම හේතුවෙනි.
යුරෝපීය සංගමය මගින් යෝජනා කර ඇති ඩිජිටල් වෙළෙඳපොළ පනත මගින් එම වගන්ති වෙනස් කළ යුතු බව දක්වා ඇති බැවින් ඇපල් සමාගම එසේ වගන්ති වෙනස් කිරීම සුදුසු නොවන බව එම අධිකරණය නියෝග කර තිබේ.
මේ අතර මීට වසර කිහිපයකට පෙර අවස්ථාවකදීද ප්‍රංශයේ අධිකරණයක් විසින් ඇපල් සමාගමට යුරෝ බිලියන 1.1ක දඩයක් පනවා තිබුණි.
මිල පාලනය සම්බන්ධ කරුණකට අදාළව සිදුකළ දීර්ඝකාලීන විමර්ශනයකින් පසුව එම දඩ මුදල පැනවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
253 Views
Comments