ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක්

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක්

 

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, ඔවුන් අතරේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

 

පුද්ගල අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් පවත්වමින් සිටිද්දී, වෙඩි තැබීම සිදුවුණු බව ද පැවැසෙයි. වෙඩි තැබීම කළ සැකකරු පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.

 

පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු සඳහා වියෙම්බිලා නමැති නගරයේ බංගලාවක් සෝදිසි කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරින්ට වෙඩි ප්‍රහාරය එල්ල විය. මියගිය සෙසු පිරිස පොලිස් විමර්ශනයට සහාය දක්වමින් බංගලාව අසලට රැස්වුණු පිරිස් පැවැසෙයි.

views

196 Views

Comments

arrow-up