සුපිරි මිලකට අලෙවි වූ වසර 140ක් පරණ කලිසම

නිව් මෙක්සිකෝවේ පැවති වෙන්දේසියකදී පුද්ගලයෙකු විසින් ජීන්ස් යුගලයක් සඳහා ඩොලර් 76,000ක් ගෙවා ඇති බව වාර්තාවේ.
කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ හි 23 හැවිරිදි පැරණි ඇඳුම් අලෙවිකරුවෙකු වන Kyle Haupert විසින් මෙම වෙන්දේසියේදී මිලදී ගෙන ඇත්තේ 1880 ගණන්වල භාවිතා කල ජීන්ස් යුගලයක් බ විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්විය.
මෙම ජීන්ස් යුගලයේ වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් තුන් කෝටි විසිතුන් ලක්ෂ තිස්අට දහසක් වේ.
මෙම ලංසුව මගින් වෙන්දේසි කල ජීන්ස් යුගලය මෙතෙක් අලෙවි වූ මිල අධිකම එකක් වන අතර ගැනුම්කරුගේ වාරිකය ඇතුළුව ජීන්ස් සඳහා ගෙවන ලද මුළු මිල ඩොලර් 87,400ක් බව වාර්තාවේ.
පුරාවිද්‍යාඥයෙකු වන මයිකල් හැරිස් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ මීට වසර කිහිපයකට පෙර මෙම ජීන්ස් යුගලය අතහැර දැමූ ඇමරිකානු බටහිර ප්‍රදේශයේ තිබී හමුවූ බවයි.
260 Views
Comments