නයිජීරියාවේ ජනාධිපතිවරණය අදයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද පැවැත්වෙන නයිජීරියාවේ ජනාධිපතිවරණයට එරට මිලියන සංඛ්‍යාත ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙමින් සිටින බවයි.
කම්කරු පක්ෂයේ අපේක්ෂක පීටර් ඔබී මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක අටිකු අබුබකර් සහ ඒ.පී.සී පක්ෂය නියෝජනය කරමින් බොලා ටිනුබු ඇතුළු අපේක්ෂකයින් 18 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටී.
වත්මන් ජනාධිපති මුහමාඩු බුහාරි වසර 8 ක කාලසීමාවක් නයිජීරියාව පාලනය කර ඇති අතර ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව තනතුරෙන් ඉවත් වීමට නියමිතයි.
176 Views
Comments