NOV
24
තිස් වසරක් පැරණි කළලයකින් සාර්ථක නිවුන් දරු උපතක්

වසර 30කට පෙර පරිත්‍යාග කළ කළලයකින් සාර්ථකව නිවුන් දරු උපතක් සිදු වූ පුවතක් ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයෙන් වාර්තා වේ.
විවාහක යුවළක් විසින් පරිත්‍යාග කර තිබූ ඩිම්බ සහ ශුක්‍රාණු යොදාගෙන එම කළලය සංසේචනය කර තිබෙන අතර වසර 30කට පෙර පරිත්‍යාග කළ මෙම කළලය සෙල්සියස් අංශක ඍණ 128ක උෂ්ණත්වයක ආරක්ෂිතව තැන්පත් කර තිබූ බව වාර්තා වේ.
රැචෙල් රිජ්වේ නම් සිව් දරු මවක් විසින් මෙම කළලය භාවිතා කරමින් පසුගිය ඔක්තෝම්බර් 31 වනදා මෙම නිවුන් දරුවන් දෙදෙනා සාර්ථකව බිහි කර තිබේ.
320 Views
Comments