අවුන්සාන් සුකීට තවත් වසර 06ක සිර දඬුවමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

අවුන්සාන් සුකීට තවත් වසර 06ක සිර දඬුවමක්

අවුන්සාන් සුකීට තවත් වසර 06ක සිර දඬුවමක්

මියන්මාරයේ හිටපු නායිකාව වන අවුන්සාන් සුකීට තවත් වසර 6ක සිරදඬුවමක් නියම කර තිබේ.

 

ඇයට එලෙස සිරදඬුවම් නියම කර ඇත්තේ හමුදා පාලනය යටතේ පවතින මියන්මාර උසාවියක් විසිනි.

 

ඇයට එල්ලවී තිබෙන චෝදනාව වන්නේ මහජන ඉඩම් වෙළඳපල මිලට වඩා අඩු මිලකට කුලියට ගැනීමට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර නිවසක් ඉදිකර ගැනීමට තම තනතුර අනිසි ලෙස භාවිතා කිරීමයි.

 

2001 වසරේ පෙබරවාරි මාසයේ දී මියන්මාර හමුදාව විසින් ‍ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරීපත් වූ රජය නෙරපා හැර ඇයව රඳවා තබා ගැනීමට කටයුතු කළේය.

 

පසුව පැවති නඩු විභාගවල දී ඇයට රාජද්‍රෝහී, දූෂණ සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් වසර 11ක සිර දඬුවමක් නියම විය.

 

views

250 Views

Comments

arrow-up