ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහල බසී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහල බසී

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහල බසී

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ වාර්තාගත අඩුවීමක් ඊයේ (23) දිනයේ පෙන්නුම් කර තිබෙනවා. 

 

ඒ අනුව 07% ක ප්‍රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 


 
එහිදී ඩොලර් 86ක ප්‍රමාණයක පැවති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන්. 


 
පසුගිය දෙසැම්බර් මාසයට පසුව අඩුම බොරතෙල් මිලක් වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදී වනවා. 


 
අමෙරිකාවේ උද්ධමනය ඉහළයාමත් සමඟ ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් බොරතෙල් මිල පහත වැටී ඇති තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

views

285 Views

Comments

arrow-up